වයිරසයට බිලිවුණු ගණන දැන් 86 ක්



චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වුණු නව කොරෝනා වර්ගයේ වයිරසයට බිලි වුණු ගණන අද (27) වනවිට 86 තෙක් ඉහළ ගොස් තිබුණි. රෝහල් ගත කර සිටින රෝගීන් ගණන 2,744 කි.

වූහාන් නගරය අයත් වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයටය. චීනයේ ප්‍රාන්ත රැසකින් රෝගීන් හමුවී ඇති නමුත් මරණ වාර්තා වී ඇත්තේ වූහාන් නුවරින් සහ හුබෙයි ප්‍රාන්තයෙන් පමණි.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන 2,744 දෙනාගෙන් 461 දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. චීන බලධාරීන් වූහාන් නගරය පමණක් නොව මේ වනවිට හුබෙයි ප්‍රාන්තය ද සීල් තැබීමට පියවර ගෙන ඇත. රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් දෙදෙනකු ද වයිරසට බිලිවුණැයි පැවැසෙයි.

වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS