වයට්නාම දරුවෙක් ගැඹුරු කුහරයකට වැටිලා

වියට්වනාමයේ 10 හැවිරිදි දරුවකු මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයකට වැටී සිරවණු බවත්, ඔහු බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බවත් වාර්තා වේ.
දරුවා වැටී ඇත්තේ ඩෙංග් තැප් පළාතේ පාලමක් ඉදිකරන ස්ථානයක කැණීම් කරමින් සැකැසූ කොන්ක්‍රීට් කුහරයකට යැයි වියට්නාම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කොන්ක්‍රීට් කුහරයේ පළල සෙන්ටි මීටර් 25 කි. දරුවා මුදා ගැනීමේ මෙහෙයුම්වලට දහසකට වැඩි පිරිසක් එක් වී සිටින බව ද වාර්තා විය.
(රොයිටර්)

