ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීනයේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩොනොම් ගෙබ්රයිසිස් විශේෂ ගුවන් යානයකින් චීනයේ බීජීං අගනුවරට පැමිණියේය. ඒ, චීන බලධාරීන් නව කොරෝනා වයිරසය පාලනයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සොයා බැලීමටය.
ඇඩොනොම් ගෙබ්රයිසිස් බීජීං පැමිණියේ, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් ද සමඟය.
‘වයිරසය පැතිරීම සහ රෝගීවූවන් සම්බන්ධයෙන් සොයා බැලීමක් අප කරනවා. චීනය වයිරසය මර්දනයට පියවර රැසක් ගෙන තිබෙනවා’ යැයි බීජීං අගනුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
නව වයිරසය සම්බන්ධයෙන් බොරුවට බිය නොවන ලෙසත්, වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තවමත් කල්වේලා වැඩි යැයි ද ඇඩොනොම් ගෙබ්රයිසිස් පැහැදිලි කළේය.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

