ලෝක නායකයෝ ශෝකය පළ කරති

සිඩ්නි නුවර යුදෙව්වන් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක නායකයන් සොව පළ කර ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, නත්තල් සමයේ එල්ල වුණු එම ප්‍රහාරය කුරිරු ම්ලේච්ඡ ප්‍රහාරයක් බවය.
ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙලා දැක ඇත. ඕස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාව වෙනුවෙන් මෙන්ම සමස්ත ඕස්ට්‍රේලියානුවන් ද වෙනුවෙන් ශෝකය පළ කරන බව ට්‍රම්ප්, මෙලානියා සහ රූබියෝ පැහැදිලි කර ඇත. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්, රෑබියෝ සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොංග් අතරේ ද දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. ඒ වෙඩි තැබීමේ සිද්ධියට අදාළවය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත්තේ වෙඩි තැබීම සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බවය. ඕස්ට්‍රේලියාව, සැමවිමට පලස්තීනයේ මිතුරකු බවත්, මෙවැනි ත්‍රස්ත ක්‍රියා පලස්තීන පාලන අධිකාරිය කිසිවිටෙක අනුමත නොකරන බවත්, පලස්තීන විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාතය කියෙර් ස්ටාර්මර්, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ශෝකය පළ කර ඇත. ඒ, එක්සස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිනි. ජර්මන් චාන්සලර් ෆෙඩ්රිච් මර්ස්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය ෂහූෆ්, ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් ද සොව පළ කර ඇත.
ඉරානය, යුරෝපා සංගමය, ඉතාලිය, නෝර්වේ රාජ්‍යය, ස්පාඤ්ඤය, අයර්ලන්තය, කටාර්, තුර්කිය, ලෙබනනය, සෞදි අරාබිය, එමිරේට්ස් රාජ්‍යය, ජෝර්දානය ද සොව පළ කර තිබේ. නිව්යෝක් නගරාධිපති ලෙස තේරී පත් වී සිටින සොහ්රාන් මම්දානි ද සිඩ්නි නුවර යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු එම ප්‍රහාරය තරයේ හෙලා දැක ඇත.

