ලෝකයේ සතුන් අඩුවෙලා

ගත වූ 50 වසර ඇතුළත, මිනිස් ක්රියාකාරකම් හේතුවෙන්, ලෝකයේ සතුන් සියයට 70 කින් අඩු වී ඇති බව, ‘වන සතුන් සහ පරිසරය සුරැකීමේ’ ජගත් සංවිධානය පවසයි.
‘වන සතුන් සහ පරිසරය සුරැකීමේ’ ජගත් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ, ග්ලෑන්ඞ් නුවරය.
ලෝකයේ වනාන්තරවලින් තුනෙන් එකක ජීවත් වන ජීවීන් වනාන්තර විනාශය සහ අනවසර දඩයම් හේතුවෙන් මෙලොවින් සමුගෙන ඇති බව ‘වන සතුන් සහ පරිසරය සුරැකීමේ’ ජගත් සංවිධානය පෙන්වා දී ඇත්තේ වන ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ වාර්ෂික වාර්තාව එළිදක්වමිනි.
ඊට අමතරව මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් ලොව සාගරවලින් සියයට 40 ක් දූෂණය වී ඇති බවත්, සාගර ජීවීන් අඩු වීමට එය හේතුවක් වී ඇති බවත් ජගත් සංවිධානය පෙන්වා දෙයි.
ග්ලෑන්ඞ් නුවරදීය (රොයිටර්)

