ලිංග පෙරැළි නිවේදිකාව



ලිංග පෙරැළියකට ලක් වුණු නිවේදිකාවක සේවයට ගෙන ඇයට පුවත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට පාකිස්තානයේ පුවත් නාළිකාවක් පියවර ගෙන ඇත.

පිරිමියකුව උපත ලබා පසුව ලිංග පෙරැළියකින් මරීවියා මලීක් බවට පත්වුණු මෙම නිවේදිකාව මාධ්‍ය සම්බන්ධයෙන් උපාධිධාරිනියක ද වන්නීය. ඇය මෝස්තර නිරූපිකාවක ලෙස ද රැකියාව කර ඇති බව පැවැසෙයි.

ලිංග පෙරැළියකට ලක්වුණු පුද්ගලයකු පුවත් ඉදිරිපත් කරන්නියක ලෙස කරලියට පිවිසි පළමු අවස්ථාව මෙය බවත් පැවැසෙයි.

මරීවියා මලීක් පුවත් ඉදිරිපත් කරන්නේ පාකිස්තානයේ කොහෙනූර් නමැති පෞද්ගලික පුවත් නාළිකාවට සම්බන්ධ වෙමින් යැයි ද වාර්තා වේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS