ලන්ඩනයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්



නව වසර උදාවීමට ඔන්න මෙන්න තිබියදී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානයට පිහියක් අතැතිව කඩා වැදුණු අයකු කළ ප‍්‍රහාරයකින් තිදෙනෙක් තුවාල ලැබූහ.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. පිහියක් අතින් ගෙන කලහ කරමින් දකින දකින පුද්ගලයන්ට ඇන පහර දී ඇත්තේ මුස්ලිම් සම්භවයක් ඇති තරුණයෙකි. ඔහු පහර දීම කළේ ‘අල්ලා ශ්‍රේෂ්ඨයි’ යැයි කෑ ගසමිනි.

ප‍්‍රහාරය ගැන සැලවීමත් සමඟ ත‍්‍රස්ත මර්දන පොලිසිය වහා කි‍්‍රයාත්මක වී, තරුණයා මෙල්ල කර අත්අඩංගුවට ගත්තේය. පොලිස් අත්අඩංගුවේ පසුවන ඔහුගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍යවෙත අනාවරණය කර නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS