රෝග ලක්ෂණ පහළ වෙන්නේ දින 10 කින්



චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැතිරෙන නව කොරෝනා වයිරසය යම් අයකුට ආසාදනය වී, රෝග ලක්ෂණ පහළ වන්නේ දින 10 කින් යැයි ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

වයිරසයේ රෝග ලක්ෂණ වන්නේ තද උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, ස්වසන අපහසුතා ආදියයි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු වයිරය ආසාදනය වී රෝගී වීමට දින 10 ක් ගත වුවත්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් දින දෙකක් වැනි කෙටි කාලයකදී රෝගීන් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS