රෝගීවීම වළක්වන්න ප්‍රතිජීවක ඔසුවක්



චීනයේ පැතිරෙන නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධ දියරයක් සොයා ගත් බව ෂැංග්හායි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය පර්යේෂකයෝ ඊයේ (28) පැවැසූහ.

මෙම ප්‍රතිජීවක ඖෂධ දියරය, වයිරසයට ප්‍රතිකර්මයක් නොවන නමුත් වයිරසය ආසාදනය වීම වැළැක්වීමට එය සමත් වුණු ඇතැයි තමන් විශ්වාස කරන බව ෂැංග්හායි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය පර්යේෂකයන් වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් පවසා ඇත්තේ, චීන වෛද්‍ය පර්යේෂකයන් සමඟ එක් වී, නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි ඔසුවක් නිර්මාණය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති බවය. චීන වෛද්‍ය පර්යේෂකයන් නිර්මාණය කළැයි පැවැසෙන ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිවක් පවසා නැත.

මීට අමතරව, ඇමෙරිකාව, ප්‍රංශය, මහා බි්‍රතාන්‍යය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් පැය 24 පුරා වෙහෙසෙමින්, වයිරසයට එන්කක් සොයන බව ද වාර්තා වේ. මේ වනවිට වයිරසයේ ජානමය ආකෘතිය හඳුනා ගෙන ඇති බැවින් කඩිනමින් එන්නතක් නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS