රුසියා සබ්මැරීනයක් බදු ගන්න ඉන්දියාව සැරැසෙයි
ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් රුසියාවේ න්‍යෂ්ටික බලැති ප්‍රහාරක සබ්මැරීනයක් වටිනා බද්දට ගැනීමට ඉන්දියාව ගිවිසුම් අත්සන් කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
බදු ගිවිසුමට අනුව, ඉන්දියාව මෙම ප්‍රහාරක සබ්මැරීනය ඔවුන්ගේ නාවික හමුදාවට එක් කර ගනු ඇත්තේ වසර 10 ක කාලයකටය. රුසියාවත් ඉන්දියාවත් අතර යුදෝපකරණ සම්බන්ධයෙන් ගිවිසුමක් පවතී.
ඒ ගිවිසුමට අනුව, ඔවුන්ගේ අකූලා වර්ගයේ එම ප්‍රහාරක සබ්මැරීනය ඉන්දියාවට ලබා දෙනු ඇත. ඉන්දියාව එම සබ්මැරීනය ‘චක්රා 3’ යන නමින් නම් කරනු ඇති බව ද පැවැසෙයි. මීට පෙර ද රුසියාව මේ අයුරින් ඔවුන්ගේ ප්‍රහාරක සබ්මැරීන දෙකක් ඉන්දියාට ලබා දී ඇති බව ද පුවත් සේවා සඳහන් කරයි.
නවදිල්ලියේදීය (රොයිටර්ස්)

