රුසියා විදේශ ඇමැති උතුරු කොරියාවේ



රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවේ යොංග්යැංග් නුවර බලා පැමිණියේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ඔහුට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. රුසියානු විදේශ ඇමැතිවරයා සමඟ රුසියානු නියෝජිත කණ්ඩායමක් ද මෙම සංචාරය සඳහා එක් වී සිටී.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත සාම සමුළුව සම්බන්ධයෙන් ද රුසියානු විදේශ ඇමැතිවරයා සහ කිම් ජොන් උන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS