රුසියාව කනගාටුව පළ කරයි



රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා අනවසරයෙන් දකුණු කොරියා ගුවන් සීමාවට ඇතුළුවීමේ සිදුවීම සම්බන්ධයෙන් රුසියාව දකුණු කොරියාවට කනගාටුව පළ කළේය.

එය හිතාමතා කළ දෙයක් නොවන බවත් අත්වැරදීමකින් සිදුවුණු දෙයක් බවත් රුසියානු ආරක්ෂක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

රුසියානු හමුදා ප්‍රහාරක යානා දකුණු කොරියානු ගුවන් සීමාවට පිවිසුණු අවස්ථාවේදී, එම රුසියන් යානාවලට අනතුරු ඇඟවීමට දකුණු කොරියානු ගුවන් හමුදාව වෙඩි තැබුවේය. එවිට රුසියන් යානා ආපසු හැරී පියාසර කළ බව වාර්තා විය.

තම ගුවන් යානා දකුණු කොරියානු ගුවන් සීමාවට පිවිසීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටුව පළ කරන බවත්, එය සිදුවූයේ තාක්ෂණික දෝෂයක් නිසා බවත් රුසියානු රජය දකුණු කොරියානු රජයට දන්වා ඇත.

මොස්කව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS