රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් උමං දුම්රිය පොළේ පිපිරීමක්



රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය පොළේ පිපිරීමක් සිදුවුණු බවත්, එයින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ බවත් රුසියාවේ ‘ටාස්’ පුවත් සේවය වාර්තා කර තිබේ.

තවත් රුසියානු පුවත් සේවයක් වාර්තා කර තිබුණේ පිපිරීම් දෙකක් සිදුවුණු බවය. ඒවා බෝම්බ පිපිරීම් බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීමත් සමඟ උමං දුම්රිය ස්ථාන තුනක් වසා දැමීමටත්, නගරයේ ආරක්ෂාව තර කිරීමටත් රුසියන් ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

එය ත්‍රස්ත ප්‍රහාරයක්දැයි මෙතෙක් රුසියන් ආරක්ෂක අංශ විසින් තහවුරු කරනු ලැබ නොමැති අතර, ප්‍රහාරයේ වගකීම ද කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS