රුසියාවේ චීනයේ තුර්කියේ සහාය මදුරෝට

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට තමන්ගේ සහාය හිමිවනු ඇතැයි තුර්කිය, චීනය සහ රුසියාව පවසයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්, වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස යුවාන් ගුඅයිඩෝ නම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, වෙනිසියුලාවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදවලට ඇඟිලි ගැසීමට ඇමෙරිකාවට අයිතියක් නොමැති බවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.
වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන පක්ෂ එක් වී, විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ අන්තර්වාර ජනාධිපති ලෙස නම් කළේ පසුගිය 22 වැනිදාය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, යුවාන් ගුඅයිඩෝ අන්තර්වාර ජනාධිපති ලෙස පිළිගැනීමත් සමඟ ඇමෙරිකාවට සහාය දක්වමින්, ගුඅයිඩෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස පිළිගැනීමට මෙක්සිකෝව, බ්‍රසීලය, පේරු රාජ්‍යය සහ කොලොම්බියාව ද කටයුතු කළේය.
මේ අතර තුර්කිය, චීනය සහ රුසියාව තමන්ට සහාය පළ කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සිය ස්තුතිය පළ කර ඇති බව ද පැවැසෙයි.
කැරැකස්හිදීය
(ඒ.එෆ්.පී.)

