රුසියාවේ ආසාදිතයෝ ලක්ෂ 2 පනී

රුසියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ දෙක පසු කර ඇත. රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කර ඇති අන්දමට එරට ආසාදිතයන් සංඛ්‍යාව 2,09,688 කි.
රුසියන් ජනාධිපති වයිරස ව්‍යාප්තිය පාලනයට කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. එම කාර්ය සාධක බලකාය පෙන්වා දී ඇත්තේ ගතවුණු පැය 24 ඇතුළත 88 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවය. ඒ අනුව, රුසියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 1,915 ක් ලෙස වාර්තා වෙයි.
මේ වනවිට රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ප්‍රංශය සහ ජර්මනිය අභිබවා ගොස් ඇති බවත්, රුසියාව දැන් පවතින්නේ පස්වැනි ස්ථානයේ බවත් රුසියානු පුවත් සේවා පෙන්වා දී ඇත.
(අල් ජසීරා)

