රුසියාවේ අංක එකේ ඉලක්කය



රුසියාවේ අංක එක ඉලක්කය වී ඇත්තේ තමන් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ පැවැසුවේ, ආරක්ෂිත ස්ථානයක සිට ඉතා හැඟීම්බරව ජාතිය අමතමිනි.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනය අසරණ වූ බවත්, තනිවුණු බවත් රුසියන් ප්‍රහාර නැවැත්වීමට බටහිර රටවල්, යුරෝපා සංගමය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ මැදිහත් වන බවක් පෙනෙන්න නැති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එම අවස්ථාවේදී පැවැසුවේය.

රුසියාවේ අංක එකේ ඉලක්කය තමන් බවත්, තම බිරිද සහ දරුවන් අංක දෙක බවත් යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කළේය. කුමන ආකාරයේ තර්ජන ආවත් තමන් යුක්රේනයෙන් පිටවී නොයන බවට සෙලෙන්ස්කී ප්‍රතිඥා දී දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS