රුසියාවෙන් නව බලැස්ටික් මිසයිලයක්



ඇමෙරිකාව සතු දිගු දුර බලැස්ටික් මිසයිල පැරැදිය හැකි නව බැලැස්ටික් මිසයිලයක් රුසියාව විසින් සාර්ථකව අත්හදා බලනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බලැස්ටික් මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිලය.

රුසියාව නිපදවා ඇති ‘ටොපොල් එම්’ නමැති මෙම මිසයිලය කිලෝ මීටර් කිලෝ මීටර් 11,000 කට වඩා වැඩි දුරක් යා හැකිය.

රුසියාව මෙම මිසයිලය අත්හදා බලා ඇත්තේ පසුගිව සිකුරාදා (26) කසක්ස්තානයේදීය.  මෙම මිසයිලයට ඇමෙරිකාවේ ඕනෑම ස්ථානයක් පහසුවෙන් ඉලක්ක කර ගැනීමට හැකි බව ද රුසියානු ආරක්ෂක අමත්‍යාංශය කළ නිවේදනයක සඳහන් වෙයි. මෙම මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකිය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS