රුසියාවට එරෙහි යෝජනාවක්



රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය, වහා නැවැත්විය යුතු යැයි බල කරමින්, නව යෝජනාවලියක් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවීය.

යුක්රේන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, රුසියන් හමුදා සිදු කරන ප්‍රහාර වහා නැවැත්විය යුතු යැයි පෙන්වා දෙමින්, එම යෝජනාවලිය පළමුවෙන් සකස් කර තිබුණේ ප්‍රංශය සහ මෙක්සිකෝව එක් වෙමිනි. යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළේ යුක්රේනයයි.

එහිදී රටවල් 140 ක් යෝජනාවලියට පක්ෂය, රුසියාවට විරෝධය දක්වමින් ඡන්දය ලබා දුන්නේය. ඉන්දියාව සහ චීනය ද ඇතුළු රටවල් 38 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටි අතර රටවල් අටක් රුසියාවට පක්ෂය, යෝජනාවලියට විරෝධය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළේ යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS