රුසියානු ආරක්ෂක සේවා මූලස්ථානයේ වෙඩි තැබීමක්



රුසියාවේ මොස්කව් අගනුවර ජාතික ආරක්ෂක සේවා මූලස්ථානයේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 8 කි.

ස්වංක්‍රීය ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු වෙඩි තබමින් ආරක්ෂක සේවා මූලස්ථාන ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ ගෙන ඇත.

ගොඩනැගිල්ල ඉදිරිපිට සිටි පිරිස් එම වෙඩි ප්‍රහාරයට හසුවෙද්දී, ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් වහා ක්‍රියාත්මක වී තුවක්කුකරුට වෙඩි තැබුවේය.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි රුසියානු රජය නිවේදනය කර තිබේ.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS