රුසියන් සොල්දාදුවන්ට දරුණු ප්‍රතිප්‍රහාර

යුක්රේනයේ කියේව් අගනුවර වටලා පහර දෙන රුසියන් සොල්දාදුවන්ට යුක්රේන හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්, රුසියන් හමුදා දරුණු ලෙස ප්‍රහාරවලට ලක්වෙන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකන් බුද්ධ අංශ වාර්තා අනුව රුසියන් හමුදාවෙන් හරි අඩක් පමණ යුක්රේනයට ඇතුළු වී යුක්රේන හමුදා සමඟ සටන් වදින බව වාර්තා වේ.
යුක්රේන හමුදාවෙන්, අනපේක්ෂිත ආකාරයට ප්‍රතිප්‍රහාර එල්ල වීමත් සමඟ රුසියාව තව තවත් හමුදා සොල්දාදුවන් යුක්රේනයට යැවීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

