රුසියන් විපක්ෂ නායකයාට වස දීලා
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කරන එරට විපක්ෂ නායකයා ලෙස ද සැලකෙන ඇලෙක්සි නවල්නි සිහිසුන්ව රෝහල් ගත කළ බවත්, යම් අයකු ඔහුට වස දී ඇතැයි වෛද්‍යවරුන් සැක කරන බවත් රුසියන් මාධ්‍ය වාර්තා කළේය.
රුසියන් මාධ්‍ය මේ බව වාර්තා කළේ නවල්නිගේ මාධ්‍ය ප්‍රකාශිකා කීරා යමරිෂ් ලබා දුන් තොරතුරු අනුවය.රුසියන් රජයේ දූෂණ විරෝධී හඬ ලෙස සැලකෙන්නේ ද නවල්නි ය. අවස්ථා ගණනාවකදී රුසියන් රජයේ උදහසට ලක් වුණු නවල්නි සිර දඬුවම් ලැබුවේය. ඒ, 2011 දීය. බටහිර කුමන්ත්රණකරුවකු ලෙස ද නවල්නි චෝදනා ලබා සිටී. 2013 දී ද නවල්නි ට සිරදඬුවම් හිමිවිය.
නවල්නි සර්බියාවේ සිට රුසියාවේ මොස්කව් නුවර බලා ගුවන් ගමනක යෙදී සිටිද්දී හිටිහැටියේ රෝගී විය.
මාධ්‍ය ප්‍රකාශිකා කීරා යමරිෂ් පවසා ඇත්තේ, ගුවන් යානයේ දී ඔහුට ලබා දුන් තේ පානය කිරීමෙන් පසු මෙසේ රෝගී වූ බවය. නවල්නි, රෝගී වූ අවස්ථාවේදී යානය හදිසියේ ගොඩබෑමට නියමුවෝ කටයුතු කළහ. නවල්නි වහා රෝහල් ගත කෙරුණේ ඉන්පසුවය.
44 හැවිරිදි ඇලෙක්සි නවල්නි, දේශපාලනයට පිවිසියේ දූෂණ විරෝධී ක්‍රියාකාරියකු ලෙසය. රුසියන් ජනපති පුටින් විවේචනය කරන බටහිර මාධ්‍ය, ඇලෙක්සි නවල්නි ගැන පුවත් පළ කරන්නේ ඇලෙක්සි නවල්නි වීරයකු කරමිණි. ඇලෙක්සි නවල්නි, නියෝජනය කරන්නේ ‘රුසියා ඔෆ් ද ෆියුචර්’ (අනාගත රුසියාව) දේශපාලන පක්ෂයයි.
මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)

