රුසියන් ගුවන් යානයේ අනතුරට හේතුව අකුණු ප්‍රහාරයක්



ගොඩබාද්දී ගිනිගත් රුසියන් මගී යානය උඩු ගුවනේ දී කාර්මික දෝෂයකට ලක්වූයේ ඊට අකුණක් වැදීම නිසා යැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

යානය රුසියානු අභ්‍යන්තර ගුවන් යානයකි. එය 78 දෙනකු රැගෙන ෂෙරමෙත්යේවෝ ගුවන්තොටුපොළින් ගුවන්ගත වී ඇත්තේ මුර්මන්ස්ක් නමැති නගරය බලා යෑමටය. අයහපත් කාලගුණයක් එම අවස්ථාවේදී පැවැති අතර, ගුවන්ගත වී මිනිත්තු කීපයක් යද්දී ඊට අකුණු ප්‍රහාරය එල්ල වී ඇත.

එයින් යානයේ පරිපත රැසක් අක්‍රිය වූ බව දිවි ගලවා ගත් නියමුවෝ පවසති. යානයේ සිටි 78 දෙනාගෙන් දිවි ගලවා ගත්තේ 37 ක් පමණි. සෙසු පිරිස යානය ගොඩබාද්දී හටගත් ගින්නට හසුවී මියගියහ.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS