රුමේනියා රජයට විරුද්ධව එරට වැසියෝ පාරට බසිති !



රුමේනියාවේ දහස් ගණනක් වූ ජනතාව රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක නිරතව සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී දූෂණ චෝදනා සම්බන්ධ වැරදි සදහා සිර ගතකර සිටින නිලධාරීන්ට නිදහස ලබාදිය හැකි නියෝගයක් සම්මතකර ගැනීම හේතුවෙන් ජනතාව මෙසේ උද්ඝෝෂණවල නිරත වන බවයි වාර්තා වේ.

රුමේනියාවේ බුකාරෙස්ට් නගරයට එක්වූ දහස් ගණන් ජනතාව ඊට විරෝධය පළ කළා. විරෝධතාකරුවන් පලවා හැරීමට ආරක්‍ෂක අංශ කදුලු ගෑස් ප්‍රහාර ද එල්ලකර තිබෙනවා. ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් උද්ඝෝෂකයින් ද රතිඤ්ඤා පුපුරුවා හරිමින් දුම් බෝම්බ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. බන්ධනාගාරවල සිරකරුවන් අධික වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව එරට අග්‍රාමාත්‍ය සොරින් ග්‍රයින්ඩියානු පවසනවා.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි...


RECOMMEND POSTS