රිෂී කපූර් උරණ වෙලා

අභාවප්‍රාප්ත නිළි රැජින ශ්‍රීදේවි සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා කළ අයුරු ප්‍රවීණ නළු රිෂී කපූර්ගේ දෝෂදර්ශනයට හේතුවක් වී ඇතැයි වාර්තා වේ.
රිෂී කපූර් යනු වර්තමානයේ බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන රන්බීර් කපූර්ගේ පියාය. රිෂී කපූර් රාජ් කපූර්ගේ පුත්‍රයාය. ශ්‍රී දේවි රංගනයෙන් දායක වුණු ‘චාන්දනී’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ රිෂී කපූර්ය. ‘චාන්දනී’ තිරගත වූයේ 1989 වසරේදීය.
මාධ්‍ය වාර්තා කළේ 54 හැවිරිදි ශ්‍රී දේවි ඩුබායිහිදී පසුගිය 24 වැනිදා හෘදයාබාධයකින් මියගිය බවත් ඇගේ දේහය කඩිනමින් ඉන්දියාවේ මුම්බායි නුවරට රැගෙන ඒමට කටයුතු කරන බවත්ය.
රිෂී කපූර් කෝපයට පත් වී ඇත්තේ ‘දේහය’ යන වදන භාවිතා කිරීම සම්බන්ධයෙනි. ‘ඇය අපේ නිළි රැජින. බොලිවුඩයේ අභිමානය. සියලුම මාධ්‍ය නාළිකා වාර්තා කරන්නේ ඇගේ දේහය ගැන කතා කරනවා. ඇයි ඇයි ඔවුන්ට ඇගේ නම කියන්න බැරි ? ඇය වෙනුවෙන් විශේෂයක් කරන්න ඔවුන්ට සිතෙන්නේ නැත්තේ ඇයි ? ඇයට ගරු කරන්න දන්නේ නැද්ද ?’ යනුවෙන් ට්විටර් පණිවුඩයක් හරහා රිෂී කපූර් විමසීමක් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

