රිය අනතුරින් අවුරුදු 18ක තරුණයෙක් මරුට

එමිරේට්ස් රාජ්‍යයේ රස් අල්-කයීමා හි පිහිටා ඇති අල්- වෙකලාට් අධිවේගි මාර්ගයේදි සිදුවූ මාරක රිය අනතුරකින් වසය අවුරුදු 18ක එමිරේට්ස් ජාතිකයෙකු මියගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
අධික වේගය නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ලිස්සාගෙන ගොස් පෙරළී ඇති අතර අනතුරු සිදුවූ ස්ථානයේදී ඔහු මියගොස් ඇත.
අනතුරු අවම කරගැනීම සදහා මාර්ග නීති පිළිපදින මෙන් රස් අල්-කයීමා හි පොලිස් අධ්යක්ෂ, බ්‍රිගේඩියර් ජෙනරාල් ආචාර්ය මොහොමඩ් සෙයිඩ් අල්-යමීඩ් රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි

