රාජ්ය ලේකම් උතුරු කොරියාවේ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ උතුරු කොරියා නායක කම් ජොන් උන් අතර, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත හමුව සම්බන්ධයෙන් කටයුතු කෙසේ සිදුවිය යුතුදැයි සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා රාජ්ය ලේකම් මයික් පොම්පේඕ උතුරු කොරියාව බලා පැමිණියේය.
ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා ලෙස මයික් පොම්පේඕ උතුරු කොරියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ට්රම්ප් විසින් රාජ්ය ලේකම් ධුරයට පත් කරනු ලැබීමට පෙර, මයික් පොම්පේඕ ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්රධානියා විය.
බුද්ධි අංශ ප්රධානියා ලෙස ඔහු, ට්රම්ප්ගේ අනුදැනුම මත හොර රහසේම උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායක නිම් ජොන් උන් හමුවූයේය. උතුරු කොරියා රෙජීමයේ වෙනසක් ඇමෙරිකාව අපේක්ෂා නොකරන බවට පොම්පේඕ එම අවස්ථාවේදී උතුරු කොරියා නායකයාට සහතික වී ඇතැයි ද වාර්තා විය. උතුරු කොරියා නායකයා දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවී, කොරියා සාම සමුළුව ඇරැඹුණේ ඉන් පසුවය.
(රොයිටර්)

