රාජ්‍ය නිලධාරීන්ට රටින් යෑම තමනම්

රජයේ නිලධාරීන්ට රටින් පිටවීම සීමා කිරීමට පාකිස්තානය පියවර ගෙන ඇත. පාකිස්තානයේ වත්මන් දේශපාලන තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන අතර එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරයි.
කිසිවකුගේ විරුද්ධත්වයක් නොමැති නම් පමණක්, රටින් පිටවීමට ඉඩ දෙන්නැයි අදාළ කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ. පාකිස්තානයේ ජාතික මන්ත්‍රණ සභාවේ කතානායකවරයා වන අසාද් කයිසර්ගේ ඉල්ලා අස්වීමත් සමඟ මෙම නියෝගය පනවා තිබේ.
ඉම්රාන් ඛාන් මේ වනවිට පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරේ. ඉම්රාන් ඛාන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර ඉම්රාන් ඛාන් එයින් පරාජයට පත්විය. ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි විය.
විශ්වාස භංග යෝජනවා මෙන්ම එය ඡන්දය ගැනීමට වැළැක්වීමට බොහෝ උත්සාහ ගෙන තිබූ අතර කෙසේ නමුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ දී ඡන්ද විමසීම පැවැත්විණි.
(ඒ.එන්.අයි.)

