රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ආපසු එන්නැයි නියෝග



ඇමෙරිකාවේ සිටින සියලුම වෙනිසියුලා රාජ්‍ය තාන්ත්‍රිකයන් ආපසු ගෙන්වා ගැනීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ නියෝග කර ඇත.

වෙනිසියුලා ජනාධිපතිවරයා මෙසේ නියෝග කළේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, අන්තර්වාර ජනාධිපති ලෙස විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ නම් කිරීමටත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද විපක්ෂයේ එම තීරණය අනුමත කිරීමත් සමඟය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඇමෙරිකාවේ සහාය නොඅඩුව වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට හිමිවන බවය.

කැරැකස්හිදීය
(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS