රටේ ආර්ථික කඩා වැටිලා



රටේ ආර්ථික කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්, එරට කම්කරු පක්ෂ සම්මේලනය අමතමින් පවසා ඇත.

උතුරු කොරියා නායකයා රටේ ආර්ථික කටයුතු අඩබණ වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටී ඇත්තේ ‘කොවිඞ් 19’ වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා ඇති බැවින් බවත්, පස් වසරක සංවර්ධන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බවත් නායක කිම් ජොන් උන් පවසා තිබේ.

උතුරු කොරියාව සමීප සම්බන්ධකම් පවත්වන්නේ චීනය සහ රුසියාව සමඟය. ඒ, ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති සම්බාධක හේතුවෙනි. සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙනි.

‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, උතුරු කොරියාව චීනය සමඟ සබඳතා මුළුමනින්ම නවතා දේශසීමා වසා දැමීය. තවමත් දේශසීමා වසා දමා ඇති අතර, උතුරු කොරියාවෙන් තවමත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වන්නේ ද නැත.

යොංග්යැංග්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS