රටවල් රැසක තහංචි

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීමත් සමඟ තහංචි රැසක් පැනවීමට ස්පාඤ්ඤයත් ප්රංශයත් තීරණය කර ඇත.
දෛනික කටයුතු සීමා කිරීමේ අරමුණ ඇතිව මෙම තහංචි පැනවීම සිදු කර ඇත්තේ, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමටය.
මේ අතර ස්පාඤ්ඤ අගමැති පේඩෝ සැන්චේස්ගේ බිරිඳ කොරෝනා පරීක්ෂණයකට ලක් කළ බවත් ඇයට කොරෝනා වැලඳී ඇතැයි තහවුරු වූ බවත් ස්පාඤ්ඤ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පිලිපීනයේ ද කොරෝනා වයිරසය ව්‍යාප්ත වන බැවින් එය පාලනය කිරීමේ අරමුණ ඇතිව මැනිලා අගනුවර සීල් තැබීමට පියවර ගෙන ඇත. පිලිපීනය දකුණු ආසියානු කලාපීය රාජ්‍යයකි. දකුණු ආසියානු රටක රජයයක් ගත් දැඩි තීරණයක් ලෙස මෙය සැලකෙයි.
(අල් ජසීරා)

