යුරෝපා වැසියන්ට ඇමෙරිකාව තහනම්

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීම වළක්වමින්, මහා බ්‍රිතාන්‍යය හැර යුරෝපා රටවලින් පැමිණෙන කිසිවකුටවත් ඇමෙරිකාවට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමිණි. ‘කෝවිඞ් 19 විදෙස් වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් යුරෝපා රටවල සිට පැමිණෙන කිසිවකුට ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර දෙන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේය.
යුරෝපා රටවල් 30 කට වැඩි ගණනක කොරෝනා වයිරසය පැතිරෙමින් පවතී. ඒ අතරින් දරුණු ලෙස කොරෝනා පැතිරෙන්නේ ඉතාලියෙනි. මහා බ්‍රිතාන්‍යය යුරෝපා රටක් වුවත්, මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සෞඛ්‍ය වැඩපිළිවෙළ ගැන පැහැදීමක් ඇති හෙයින්, මහා බ්‍රිතාන්‍යයේ සිට ඇමෙරිකා පැමිණෙන මගීන් කෙරෙහි විශේෂත්වයක් ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)

