යුද්ධයෙන් විනාශ වූ යේමනයේ කොලරා බිය පැතිරේ



යුද්ධයෙන් විනාශ වූ යේමනයේ කොළරාව පැතිරයාමේ විශාල අවදානමක් පවතින බව එක්සත් ජාතින්ගේ ළමා ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එය විශේෂයෙන්ම එම දිළිඳු රටේ ළදරුවන්ට තර්ජනයක් වන බවද එමසංවිධාන පෙන්වා දෙයි.

මෙම ව්‍යසනය ලක්ෂ සංඛ්‍යාත යේමන දරුවන්ගේ දුක්ඛිතභාවය තවත් වැඩි කරන්නක් බවද යේමනයේ සිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිත ජුලියන් හානෙයිස් නිවේදනයක් මගින් කියා සිටියේය.

වර්තමාන කොලරා ව්‍යසනය ඉක්මනින් මැඩ පැවැත්වූයේ නැතිනම් යේමන දරුවන්ගේ ජිවිත විශාල අවදානමකට ලක්වන්නේයයි ද එම නිවේදනයේ සඳන් යෙි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ යේමනයේ දැනට පවත්නා යුදමය වාතාවරණය තුළ රෝහල් ඇතුළු සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රියකාරී තත්ත්යක පැවතීමයි.

කැරලිකරුවන්ගේ පාලනයට හසුවී තිබෙන අගනුවර සානා ප්‍ර දේශයෙන් කොලරා රෝගීන් අට දෙනෙකු හමුවී ඇතැයිද එයට වැඩියෙන්ම ගොදුරු වී සිටින්නේ දරුවන් බවද යේමනයේ සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛනවල සඳහන් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

(ඩේලි ස්ටාර් ඇසුරෙනි)


RECOMMEND POSTS