යුද්ධයක් ඇතිවෙන්න පුළුවන්



බෙලරූස් පෝලන්ත දේශසීමාවේ සරණාගතයන් සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය මුල්කොට ගනිමින් යුරෝපයත් රුසියාවත් අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් නික් කාටර් අනතුරු අඟවයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සහාය හිමිවන්නේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝටය. බෙලරූස් පෝලන්ත දේශසීමා අර්බුදයත් සමඟ බෙලරූසයේ සහායට රුසියාව හමුදා බළඇණියක් යවා තිබේ.

මේ අතර, දේශසීමා හරහා පැමිණෙන සංක්‍රමණිකයන් බාර ගැනීම පෝලන්ත රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර, නේටෝ හමුදාබලඇණියක් පෝලන්තයට ගොස් සිටී. බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන් පිරිසක් ද ඊට අයත් වෙයි.

ජනරාල් නික් කාටර් පැහැදිලි කර ඇත්තේ යම් හෙයකින් දෙපිරිස අතර අත්වැරදීමකින් හෝ වෙඩි හුවමාරුවක් සිදුවුවහොත් එය යුරෝපයත් රුසියාවත් අතර යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවය.

(ඒ.ඒෆ්.පී.)


RECOMMEND POSTS