යුක්රේන හමුදා රුසියාවේ කිලෝ මීටර් 30 ක් අල්ලයි



යුක්රේන හමුදා රුසියාවට අයත් කිලෝ මීටර් 30 ක භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

මේ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද තහවුරු කර ඇත. යුක්රේන හමුදාව, දේශසීමාව හරහා, රුසියාවේ භූමි ප්‍රදේශයක් අත්පත් කර ගැනීම, යුක්රේනය ලැබූ ජයග්‍රහණයක් බව ද පැවැසෙයි. 

එම මීටර් 30 ක භූමි ප්‍රදේශයේ ටොප්බිනෝ සහ ඔබ්ෂ්වි යන රුසියන් ගම්මාන ද පිහිටා ඇත. එම ගම්මාන ද මේ වනවිට යුක්රේන හමුදා ග්‍රහණයේ පවතී. යුක්රේන බලඇණි දේශසීමා හරහා රුසියන් භූමියට ඇතුළු වි සිටින්නේ යුද ටැංකි සමඟ බව ද පැවැසෙයි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ 2022 වසරේ පෙබරවාරියේය. ඒ, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු යුද සන්ධානයකි. ‘නේටෝ’ සංවිධානය පිහිටුවීම සිදු කෙරුණේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල මැදිහත් වීමෙනි.  

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS