යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා



යුක්රේන හමුදාවට ලැබුණු ඇමෙරිකාවේ නිෂ්පාදිත‘එෆ්16’ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් රුසියන් ඉලක්කවලට පහර දීමට යුක්රේනය සූදානම් වෙයි. ‘එෆ්16’ ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලැබුණේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ ඉල්ලීමකට අනුවය.

එම ප්‍රහාරක යානා පියාසර කිරීමට යුක්රේන ගුවන් හමුදා නියමුවන්ට බ්‍රිතාන්‍යයෙන් විශේෂ පුහුණුවක් ලැබුණු අතර, පුහුණුවීම්වලින් පසු යුක්රේන ගුවන් හමුදා නියමුවන්ට එම ප්‍රහාරක යානා ලබා දීම ජනාධිපති සෙලෙන්ස්කීගේ මැදිහත් වීමෙන් සිදුවිය.

රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමටත්, රුසියාවට පෙරළා පහර දීමටත් එම ප්‍රහාරක ජෙට් යානා උපකාරී වනු ඇති බව පුහුණුව ලැබූ යුක්රේන හමුදා නියමුවන් අමතමින් ජනාධිපති සෙලෙන්ස්කී අදහස් පළ කළේ ආඩම්බරයෙනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS