යුක්රේන වැසියන්ට හැකි තරම් උදවු කරන්න



පාස්කු දින දේව මෙහෙය පැවැත්වීමෙන් පසු, පාස්කු දින පණිවුඩය ලොවට ඉදිරිපත් කරමින්, ෆ්‍රැන්සිස් පාප්තුමන් යුක්රේන වැසියන් වෙනුවෙන් හඬ නැගුවේය.

යුද්ධයෙන් හෙම්බත් වුණු යුක්රේන වැසියන් වෙනුවෙන් හැකි සෑම අයුරින්ම උදවු කළ යුතු යැයි පාප්තුමන් ලොවට කීවේය. රුසියන් ආක්‍රමණයෙන් යුක්රේන වැසියන් විඳින දුක දකින්නැයි පාප්තුමන් රුසියානුවන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

86 හැවිරිදි පාප්තුමන් පාස්කු දින දේවමෙහෙයට සහභාගී වූයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා පැමිණීමෙන් පසුවය. පාප්තුමන්ට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූයේ ශ්වසන අපහසුතාවක් හේතුවෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS