යුක්රේන වැසියන්ට යුරෝපා දේශසීමා ඇරේ

ගැටුම් හමුවේ යුක්රේනයෙන් පලා යන දහස් ගණනක් යුක්රේන වැසියන්ට තම රටවල් විවෘත කරන බව යුරෝපය පවසා ඇත.
මේ වනවිට පණ බේරා ගනිමින් පලා යන යුක්රේන වැසියන් දේශසීමා හරහා අසල්වැසි පෝලන්තයට, රොමේනියාවට සහ මෝල්ඩාවට පැමිණ සිටින බව වාර්තාවේ.
මෙම රටවල් පමණක් නොව, සෙසු යුරෝපා රටවල් ද ඇෆ්ගනිස්තානයෙන් සිරියාවෙන් පැමිණෙන සරණාගතයන් ප්රතික්ෂේප කළත් යුක්රේන වැසියන් වෙනුවෙන් කිසිදු කොන්දේසියකු නොමැතිව ඔවුන් තම රටට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.
(රොයිටර්)

