යුක්රේන ජනපති අපේක්ෂකයෝ වාද කරති
යුක්රේන ජනාධිපතිවරණයේ දෙවැනියටයට මුහුණ දීමට සූදානම් වන වත්මන් ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ සහ ඔහුට අභියෝගයක් එල්ල කරන රූපවාහිනී විකට නළුවකු ද වන ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර විවාදය කීව් නුවරදී පැවැත්විණි.
විවාදය පැවැත්වූයේ කීව් නුවර පිහිටි ඔලිම්පික් ක්රීඩාංගනයේ 70,000 ක පිරිසකගේ සහභාගීත්වයෙනි. යුක්රේන ජනාධිපතිවරණයේ දෙවැනි වටය හෙට (21) පැවැත්වෙයි.
පළමු වටය මීට දින කීපයකට පෙර පැවැත්වුණු අතර බහුතර බලයක් නොමැතිව, එයින් පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත්තේ පොරෂෙන්කෝ සහ සෙලෙන්ස්කීය.
(රොයිටර්ස්)

