යුක්රේනයට ඩොලර් බිලියන 3.75 යුද ආධාර

යුක්රේනයට ඩොලර් බිලියන 3.75 යුද ආධාර සපයන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නිවේදනය කළේ ය.
රුසියානු ආක්‍රමණයෙන් බලපෑමට පත් යුක්රේනයට සහ යුක්රේනයේ අසල්වැසි රටවලට අමතර යුද ආධාර ලෙස මෙම ආධාර සැපයෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පැවැසීය.
යුද සටන් සඳහා භාවිත කෙරෙන වාහන, මතුපිට සිට ගුවනට විදින මිසයිල, සොල්දාදුවන් රැගෙන යන රථ, උණ්ඩ යනාදී යුද අයිතම යුක්රේනයට සැපයෙන බව රාජ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රසිඩන්ෂියල් ඩ්රෝඩවුන් ඔතෝරිටි (පී.ඩී.ඒ - Presidential Drawdown Authority (PDA)) වෙතින් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක මුදලක් ද මෙම යුද ආධාර තොගයට අයත් වේ. රුසියාව, ඉකුත් වසරේ පෙබවාරි මාසයේ දී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එතරම් විශාල පැකේජයක් පී.ඩී.ඒ වෙතින් යුක්රේනයට ලබාදුන් පළමු අවස්ථාව මෙය යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරීන් ජොන් පියර් පැවැසුවා ය.
මෙම අධිකාරියට හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසයේ අවසරය නොමැතිව ඔවුන්ගේ යුද ආයුධ, ආම්පන්න, වාහන යනාදියෙන් ඇතැම් ඒවා වෙනත් රටවල් හුවමාරු හෝ ලබාදිය හෝ හැකි ය.
(රොයිටර්ස්)

