යිංග්ලක් වරදකරු වෙයි

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් තායිලන්තයේ හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පස් අවුරුදු සිර දඬුවමක් නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය එසේ සිර දඬුවම් නියම කළේ යිංග්ලක් නොමැතිවය.
අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩුව පැවැත්වෙද්දී මීට සති කිහිපයකට පෙර යිංග්ලක් රහසේම රටින් පැන ගියාය. ඇය ඩුබායි ගිය බව පසුව අනාවරණය විය.
යිංග්ලක් තායිලන්ත අගමැතිවරයකු මෙන්ම ධනකුවේරයකු ද වන තක්සින් ෂිනවාත්‍රාගේ බාල සොහොයුරියයි.
තක්සින් ෂිනවාත්‍රාට ද ධුරය අහිමි වූයේ දූෂණ වංචා චෝදනා හේතුවෙනි.
පූ තායි පක්ෂය නියෝජනය කරමින් යිංග්ලක් ෂිනවාත්රා 2011 වසරේ දී තායිලන්තයේ අගමැති ධුරයට පත් වූයේ එම ධුරයට පත් වුණු පළමු කාන්තාව ලෙසිනි.
2015 දී දෝෂාභියොගයකින් යිංග්ලක් ෂිනවාත්රා අගමැති ධුරයෙන් නෙරුපිණි ඒ, තායිලන්ත ගොවීන්ගෙන් වැඩි මිලට සහල් මිලදී ගැනීමේ අකටයුත්තක් මුල්කොට ගනිමිනි. හිටපු අගමැතිනියට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ තායිලන්තයේ දැන් බලයේ සිටින හමුදා රජයයි.
තමා කිසිදු නීති විරෝධී ක්‍රියාවක නියැලී නැතැයි යිංග්ලක් ෂිනවාත්රා දිගින් දිගටම කියා සිටී. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වී සිර දඬුවම් නියමවීමත් සමඟ යිංග්ලක්ට ජීවිතාන්තය තෙක් දේශපාලනයේ නියැලීමට පවා නොහැකි වෙයි.
(ඒ.එෆ්.පී.)

