යක්ෂයාට එරෙහිව කෙරෙන සටන අවසන් නැහැ

දයිෂ් සංවිධානයේ නායකයා මරා දැමීම වැදගත් අවස්ථාවක් වුවත් යක්ෂයාට එරෙහිව කෙරෙන සටන තවමත් අවසන් නැතැයි එක්සත් රාජධානියේ අග්රාමාත්ය බොරිස් ජොන්සන් ඊයේ (27) ප්රකාශ කළේය.
අයි.එස්. සංවිධානය දයිෂ් නම නමින් ද හැඳින්වෙන අතර එම සංවිධානය හැඳින්වීම සඳහා ඉස්ලාමික් ස්ටේට්, අයි.එස්.අයි.එස්, අයි.එස්.අයි.එල්. යන නම් ද භාවිත කෙරේ.
“බැග්ඩෑඩිගේ මරණය ත්රස්තවාදයට එරෙහිව අපේ සටනේ වැදගත් අවස්ථාවක්. එහෙත් දයිෂ් යක්ෂයාට එරෙහිව කරන සටන අවසන් නැහැ” යැයි අගමැති බොරිස් ජොන්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“දයිෂ් සංවිධානයේ මිලේච්ඡා, මිනීමරු ක්රියාකාරකම් හැමදාටම අවසන් කිරීම සඳහා අපි අපේ සමගි සන්ධානය සමඟ එකමුතුව වැඩ කරනවා” යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.

