මෝදි ‘ජී7’ නායකයන් හමුවෙයි



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ විශේෂ ආරාධනාවකට අනුව, බියාරිට්ස් නුවර පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි.

‘ජී7’ සමුළුවට සමගාමීව අගමැති මෝදි සහ ‘ජී7’ රාජ්‍ය නායකයන් අතරේ සාකච්ඡා පැවැත්විණි. බ්‍රිතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් සහ අගමැති මෝදි හමුවෙන් පසු මෝදි සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි.

ඉන්දීය රජය එරය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කරමින්, ඉන්දු කාශ්මීරයට ලබා දුන් විශේෂිත බලතල ඉවත් කිරීමෙන් පසු ඉන්දියාව පාලනය යටතේ පවතින කාශ්මීරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය ගැන අගමැති මෝදි සෙසු රාජ්‍ය නායකයන් හමුවේ පැහැදිලි කළේය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ඉන්දීය අගමැති මෝදිට පැහැදිලි කළේ කාශ්මීරයේ සාමය ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බවය.

ඉන්දීය අගමැති මෝදි, ප්‍රංශය බලා පැමිණියේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය හරහාය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ගිය අවස්ථාවේදී, එමිරේට්ස් ඔටුන්න හිමි ෂෙයික් මොහොමද් බින් සයාද් අල්නහ්යාන් කුමරුන්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිවිල් වැසියකුට පිරිනැමෙන ‘සයාද්’ ඉහළම ගෞරව පදක්කම ඉන්දීය අගමැති මෝදිට පිරිනැමීමට කුමරු කටයුතු කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS