මෝදි ට්‍රම්ප්ට ඉක්මන් සුව පතයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී නිරෝධායනයට ලක් කෙරුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.

අද වනවිට ලොව කොරෝනා ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 6,397,896 ක් වන අතර ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ 100,000 ට ආසන්නය.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS