මෝදි එක්ක හැප්පෙන්න රාහුල්ට ප්‍රියංකාට බෑ
එලැඹෙන ඉන්දීය මහ මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයට අභියෝගය කිරීමට රාහුල් ගාන්ධිට හෝ සොහොයුරිය ප්‍රියංකාට හෝ කළ නොහැකි බව භාරතීය ජනතා පක්ෂය කියයි.
48 රාහුල් ගාන්ධි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයට නායකත්වය දෙයි. රාහුල්ගේ නැගණිය 47 හැවිරිදි ප්‍රියංකා වද්‍රා පසුගිය දා නිල වශයෙන් ඉන්දීය දේශපාලනයට පිවිසුණාය. ප්‍රියංකා වද්‍රා, ඇගේ මව සෝනියාගේත්, සොයුරු රාහුල්ගේත් මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වී සිටිය ද ප්‍රියංකා ගාන්ධි මේ වනතුරු නිලවශයෙන් දේශපාලනයට පිවිස නොසිටි බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.
මේ වනවිට ප්‍රියංකා වද්‍රා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්රස් පක්ෂ මහ ලේකම්වරිය ලෙස පත් කර ඇති බව කොංග්රස් පක්ෂය පවසයි.
(එන්.ඩී.ටීවී.)

