මෝදි අමාරුකාරයෙක්



ප්‍රංශයේ එවියන් නගරයේ පැවැති ‘ජී7’ සමුළුට සහභාගී වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, මාධ්‍යවේදීන් පිරිවරා ගනිමිනි.

සුහදත්වය වර්දනය කර ගනිමින්, රාජ්‍ය නායකයෝ දෙදෙනා එකිනෙකා පැසැසූ අතර, ජනපති ට්‍රම්ප්, මෝදි වර්ණනා කරන්න වූයේ මෝදි අහිංසක දේව දූතයකු මෙන් පෙණුනත්, ඔහු සැබැවින්ම අමාරු චරිතයක් බවය. 

‘බැලූ බැල්මට මෝදිග් පෙනුම අහිංසකයි. ප්‍රසන්නයි. ඔහු දේව දූතයකු බව පෙනෙනවා. ඒත් ඇත්තටම මෝදි කියන්නේ හරි අමාරුකාරයෙක්. එයා එක්ක වාද කරලා දිනන්න අමාරුයි. දැඩි තීන්දු තීරණ ගන්න මෝදි අග්‍රාමාත්‍යතුමා පසුබට වන්නේ නැහැ. ඔහු සමග ‘ඩීල්’ දැමීම අසීරු කටයුත්තක්’ යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.


RECOMMEND POSTS