මෝදිගේ නව රජයේ පළමු අයවැය පාර්ලිමේන්තුවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ පළමු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ නව රජයේ මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් විසිනි. ආර්ථික උපදේශක ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමණියම්ගේ උපදෙස් මත නව අයවැය සකස් කරන ලද බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.
පසුගිය ලෝක් සභා මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ පාලක භාරතීය ජනතා පක්ෂය යළිත් වරක් අති විශිෂ්ට ජයක් හිමිකර ගත්තේ, රටේ ආර්ථික අර්බුද පවතිද්දීය. ඉන්දියාවේ විරැකියාව ද අන් කවරදාටත් වඩා ඉහළ ගොස් තිබුණි. භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයට හේතුව, පක්ෂයේ ජාතිකාවාදී ආකල්පය.
නවදිල්ලියේදීය (එන්.ඩී.වීවී)

