මොගඩිෂු බෝම්බයට 78 ක් බිලි



සෝමාලියාවේ මොගඩිෂු අගනුවර කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 78 ක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩි යැයි පැවැසෙයි.

එය කාර් බෝම්බ ප්‍රහාරයක් බවත්, බෝම්බය පුපුරා ගියේ බදු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් අසලදී බවත් පොලිසිය පවසයි.

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් රැගත් බස් රියක් බෝම්බය පුපුරා යද්දී ඒ අසලින් ගමන් කර ඇති අතර, බස්රියේ සිටි බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි.

එය අල් කයිඩා හිතචවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් යැයි සෝමාලියා රජය පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS