මෙහෙයුමේ දසුන් පෙළක් ප්‍රසිද්ධයට



‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඝාතන මෙහෙයුමේ වීඩියෝ දසුන් සහ ඡායාරූප ඇමෙරිකන් හමුදාව ප්‍රසිද්ධියට පත් කළේය.

අල් බැග්ඩෑඩි සැඟවී සිටි නිවසට පහර දී, බැග්ඩෑඩි කොටු කර ගැනීමට සමත් වූයේ ඇමෙරිකාවේ ඩෙල්ටා ෆෝස් බළකායේ සෙබළුන්ය. බැග්ඩෑඩි සැඟවී සිටියේ වයඹදිග සිරියාවේ නිවසක් තුළය. මෙම නිවස උමං පද්ධතියකින් ද සමන්විතය.

ඩෙල්ටා ෆෝස් සෙබළුන්, අල් බැග්ඩෑඩි කොටු කර ගැනීමට සමත් වූයේ උමඟක් තුළය. එම අවස්ථාවේදී, බැග්ඩෑඩි ඔහුගේ බෝම්බ කබාය පුපුරුවා ගනිමින් දිවි නසා ගත්තේය.

ඇමෙරිකා හමුදා කළ ප්‍රහාරයේ දසුන් පසහ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ ඇමෙරිකා ජනරාල් කීනත් මැකෙන්සිය. බැග්ඩෑඩි සිය බෝම්බ කබාය පුපුරුවා ගත් අවස්ථාවේදී ඔහු සමඟ ඔහුගේ දරුවන් තිදෙනෙකු ද මියගිය බව පැවැසිණි. ජනරාල් මැකෙන්සි මාධ්‍ය හමුවේ කියා සිටියේ මියගියේ දරුවන් දෙදෙනකු පමණක් බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS