මෙහෙයුම් ඇරැඹේ

තායිලන්ත ලෙන තුළ සිරවුණු 13 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් අද (8) තායිලන්තයේ වේලාවෙන් උදේ 10 ට ආරම්භ විය.
සිරවුණු දරුවන් 12 දෙනා සහ පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුමට විදෙස් කිමිදුම්කරුවෝ 13 දෙනෙක් සහ තායිලන්ත නාවික හමුදාවේ නේවි සීල් කිමිදුම්කරුවෝ පස් දෙනෙක් සම්බන්ධ වී සිටිති. විදෙස් කිමිදුම්කරුවන් පමණක් නොව, හමුදා සාමාජිකයෝ ද තායිලන්ත රජයේ ඉල්ලීම මත දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එක් වී සිටිති.
මෙහෙයුම් ආරම්භ වුණු බවත් එය සිදුවන්නේ කෙසේද යන්න ගැනත් ලෙන පිහිටි ැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණු බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් චියැංග් රායි පළාතේ ආණ්ඩුකාරවරයා නරොන්ග්සා ඔසොටනාකොර්න් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)

