මෙලානියා රොබෝවෙක් අරන් ඇවිල්ලා



ඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන්, ‘ඒ.අයි.’ හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පාසල් අධ්‍යාපනයට යොදා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමුළුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. 

මෙලානියා සමුළුවට සහභාගී වූයේ සුවිශේෂී අමුත්තකු සමඟ වීම විශේෂත්වයකි. මේ අමුත්තා ‘ෆිගර් 3’ නමැති කෘත්‍රිම බුද්ධි මානව රූපී රොබෝය. මානව රූපී රොබෝවරුන් යනු මිනිසකු මෙන් අතපය සහ සිරුරක් ඇති රොබෝවරුන්ය.

සමුළුවට විවිධ රටවල අධ්‍යාපන විශේෂඥයෝ සහභාගී වූය. ඒ අතරින් කැපී පෙණුනේ ප්‍රංශ ජනාධිපති ආර්යා බ්‍රිජෙත් ත්‍රොග්නෝව්ය. ඇය ගුරුවරියක මෙන්ම අධ්‍යාපනඥයකු ද වෙයි.

‘ෆිගර් 3’ රොබෝ, ඒ.අයි. තාක්ෂණය ගැන කතාවක් ද පැවැත්වීය. එය රැස්ව සිටි කාගේත් අවධානයට ලක් විය. 

ඒ.අයි. සහ නව තාක්ෂණයට බිය නොවී ඒවා මතු පරපුර වෙනුවෙන් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ආර්යාව අදහස් දැක්වීමක් ද කළාය. මැදපෙරදිග අර්බුදයට මැදිවී සිටින බැවින්, ජනාධිපති ට්‍රම්ප් සමුළුවට සහභාගී වූයේ නැත.


RECOMMEND POSTS